ජ්‍යෙෂ්ඨ සුන්නි මුස්ලිම් ආගමික නායකයෙකු වන මොලාවි යූසෙෆ් ගෝර්ජිජ් ඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හඳුනානොගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් ඔහුව මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඝාතනයට ලක්වූ මෙම පූජකවරයා "බෙදුම්වාදී බලවේගවලට සහ සියොන්වාදයට එරෙහි සටන වෙනුවෙන් සක්‍රියව පෙනී සිටි" අයෙකු වන බවය.
කෙසේවෙතත් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශ්වයක් වගකීම භාරගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.
ඉරානයේ දී මුස්ලිම් ආගමික නායකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
මධුෂානි අබේසිංහ
විශේෂාංග හා සංස්කෘතික වාර්තාකරු
සංචාරක, කලා සහ පාරිසරික විශේෂාංග ලිපි සම්පාදනයෙහි නියුතු සම්මානනීය ලේඛිකාවකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.