ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ පත්වීම ස්ථිර වුවහොත් ඔහු IPL තරගාවලියක පුහුණුකාර තනතුරකට එක්වන පළමු අවස්ථාව වනු ඇත.

හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලිගේ පුහුණුකාරිත්වයෙන් යුත් දිල්ලි කැපිටස්ල් නව පුහුණුකාරිත්ව මණ්ඩලයට, ඉන්දීය හිටපු ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්රාද පුහුණුකරුවෙකු ලෙස එක්වීමට නියමිතව ඇත.

එමෙන්ම ඉන්දීය හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිංද මෙම පුහුණුකාරිත්ව මණ්ඩලයට ඇතුළත් බව වාර්තා වේ.

ටෙස්ට් කඩුලු 355ක් සහ එක්දින කඩුලු 400ක් දවාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වූ වේගපන්දු යවන්නා වූ වාස්, 2008 සිට 2010 දක්වා වූ IPL තරග වාර තුනක් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම නියෝජනය කර ඇත.

මේ වනවිට 52 හැවිරිදි වියේ පසුවන වාස්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකාරිත්ව අත්දැකීම් රැසක් ඇති අතර, අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.

නවසීලන්ත ජාතික කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස පත්වෙමින් සිය වෘත්තිය පුහුණුකාරිත්ව ගමන ආරම්භ කළ වාස්, 2016 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන්ද සේවය කළේය.

වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු උපදේශකයෙකු හා ඇකඩමි උපදේශකයෙකු ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.