පොල්ගොල්ල ජලාශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 25වන දින රාත්‍රී 12.00සිට සැප්තැම්බර් 27වන දින සවස 6වන තෙක් ජලාශය හිස් කිරීමට බලාපොරොත්තු වන බව ජල කලමණාකරන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.
එල්නිනෝ නිසා ශ්‍රී ලංකාවට වියහැකි බලපෑම සම්බන්ධයෙන් අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජලාශයේ ගේට්ටුවල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස දින 2හමාරක වැනි කාලයක් ජලාශය හිස් කෙරෙන බව ඔහු පැවසීය.
එම නිසා පොල්ගොල්ලෙන් සහ බලගොල්ලෙන් ජලය ලබාගන්නා ජනතාව ජල සම්පාදනයෙන් ලැබෙන ජලය උපරිම අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, පොල්ගොල්ලට සමගාමීව කොත්මලේ ජලාශයේ විදුලි උත්පාදනය ද සැප්තැම්බර් 26 රාත්‍රී 10 සිට සැප්තැම්බර් 27 දහවල් 2 වන තෙක් තාවකාලිකව නතර කරන බව ද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.