ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික හදිසි සමුළුවේදී ලෝකයේ ප්‍රධාන කාර්මික බලවතුන් ඇතුළු රටවල් 50ක රාජ්‍ය නායකයෝ හරිතාගාර වායු විමෝචනය කඩිනමින් පාලනය කිරීම සඳහා වන නව ගිවිසුමකට අත්සන් තැබූහ.

මෙම සම්මුතියට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත බලශක්ති සංවර්ධනය සඳහා වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 100ක අරමුදලක් පිහිටුවීමට ද නායකයෝ එකඟතාව පළ කළහ.