බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
බටහිර - මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ' පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර, අද (22) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 05:30 වන විට එම ප්‍රදේශය ආශ්‍රිතවම පැවතුණි.
ඉදිරි පැය 12 තුළ එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් බටහිර - මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 'ගැඹුරු පීඩන අවපාතයක්' දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත.
ඉන්පසු එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් උතුරු ආන්ද්‍ර ප්‍රදේශ සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
පහත සිතියමේ "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-65ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.
පහත සිතියමේ "Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල, ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.
උතුරු අක්ෂාංශ 5 ත් 22 ත් සහ නැගෙනහිර දේශාංශ 85ත් 100ත් අතර මුහුදු ප්‍රදේශ වල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
මේ වනවිට එම ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් ඒම දෙපාර්තමේන්තුව උපදෙස් දෙනු ලබයි.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.