WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අයිස් සමඟ තරුණයෙකු කොටුවෙයි

2026 May 11- Page Views : 13

අත්තිඩිය, කහවිට ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76 මිලිග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.