රුපියල් කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් එක්ක යුවළක් මාට්ටු
2026 July 16- Page Views : 15
කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ ඇයගේ ස්වාමියා රුපියල් කෝටි දෙකකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ උතුර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමක දී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 6ක් සහ කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 149 මිලිග්‍රෑම් 150ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකාර යුවළ විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින තුනක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන තිබේ.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් මෝදර මයුර නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් වන බවය.
එමෙන්ම මෙම අඹු සැමි යුවළ කලක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටත් අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් සැකකාර කාන්තාව ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමා පෞද්ගලික ආයතනයක නීති උපාධිය හදාරන්නියක් වන අතර ඒ වෙනුවෙන් වන වියදම් පියවාගැනීමේ අරමුණෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කළ බවය.
ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකාර කාන්තාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි දින 14කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.