ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ සිදුකරනු ලබන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව අද (25) සිට දින තුනක් තාවකාලිකව අක්‍රීය කර තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරනුයේ ඒ අනුව අද සිට එළැඹෙන 28 වැනි දින දක්වා වූ කාලය තුළ මෙම සේවාව තාවකාලිකව අක්‍රීය කරනු ඇති බවය.
ඒ අනුව මධ්‍යම, උතුරු මැද, වයඹ, දකුණු, නැගෙනහිර, උතුරු, සබරගමුව, ඌව පළාත යන පළාත් 8හි මෙම සේවාව එළැඹෙන 28 වැනි දින දක්වා තාවකාලිකව අක්‍රීය වනු ඇත.
අමාත්‍යාංශය සඳහන් කරනුයේ පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම පද්ධතියේ යාවත්කාලීන කිරීමක් සිදුකරන බවය.
කෙසේ වෙතත් එළැඹෙන 29 වැනි අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි මෙම සේවාවන් ලබා ගත හැකි බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පළාත් 8ක අද සිට දින තුනක් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
කසුන් සම්පත් ප්‍රනාන්දු
ක්‍රීඩා ප්‍රධාන වාර්තාකරු
ජාත්‍යන්තර ක්‍රිකට් සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කළ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.