සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකලුම් හෙවත් 'රන් මල්ලි' බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශසීමා ආරක්ෂක දත්ත පද්ධති පදනම් කරගනිමින් බල්ගේරියානු ආරක්ෂක අංශ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලීසිය විසින්ද තහවුරු කර ඇති අතර, ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදර්පන නීතිය යටතේ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චරිත් සඳකලුම්, දීර්ඝ කාලයක සිට ඩුබායි හි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත.
ඔහු දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් 'හරක්කටා'ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ජාත්‍යන්තර වැටලීම්වලින් බේරීම සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මොහු මෙලෙස බල්ගේරියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙරටට භාර ගැනීමෙන් පසු කිරින්ද අයිස් ජාවාරම, මූල්‍ය විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
'රන් මල්ලි'ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා
කිරින්ද මහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම
2025 නොවැම්බර් 12 වැනිදා කිරින්ද අන්දගලවෙල්ල වෙරළ ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය, තංගල්ල අපරාධ කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ( PNB) එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 30කට වඩා වටිනා කිලෝ 345ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ හිමිකරු ඩුබායිහි සැඟව සිටින රන් මල්ලි බව පොලිසිය තහවුරු කළ අතර, ඩුබායි හි සිට සැකකරුවන්ට රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහු උපදෙස් දී තිබුණි.
මෙම සිදුවීමට අදාළව සැකකරුවන් 8ක් සහ වාහන 6ක් අත්අඩංගුවට ගත් අතර, තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දින 7ක රඳවා තැබීමේ නියෝගද ලබාගෙන ඇත.
කොට්ටාවේ මුදල් වැලලීමේ සිදුවීම
2021 ජූලි මාසයේදී කොට්ටාව (පන්නිපිටිය) ප්‍රදේශයේ කුලී නිවසක වළලා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 13.9ක මුදලක් සොයාගැනීමට පොලිසිය සමත් විය.
අදාළ නිවස කුලියට ගෙන සිටි රන් මල්ලිගේ බෑනනුවන් වන දිනේෂ් ලක්මාල් නමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර, මෙරට මුදල් පාලනය සඳහා රන් මල්ලි විසින් ඔහුව යොදවාගෙන තිබූ බව අනාවරණය විය.
ගැඹුරු මුහුදේ හෙරොයින් ජාවාරම
2022 වසරේදී හම්බන්තොට මහා රාවණා කොටුව ආසන්න මුහුදේදී නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අත්අඩංගුවට ගත් කිලෝ 331ක හෙරොයින් තොගය පිටුපසද රන් මල්ලි සිටින බවට තොරතුරු වාර්තා වී තිබුණි.
යුරෝපයට පනින්න ගිහින් 'රන් මල්ලි' බල්ගේරියාවේදී කොටුවෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.