රට තුල පවතින ඉන්ධන ගැටලුවට විසදුම් වශයෙන් තවත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් මෙලෙස ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කරුණාතිලක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"පෞද්ගලික සැපයුම්කරුවන්ගේ විශාල දුක්ගැනවිල්ලක් තිබුණා. ඔවුන්ට මේ පාඩුව දරාගන්න අමාරුයි කියලා. ඒ නිසා ඔවුන් වෙළෙඳපොලට ඉන්ධන සැපයීම යම් ප්‍රමාණයකට සීමාකරා. නමුත් අපි එක පැත්තකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට තමන් වෙනදාට වඩා වෙළෙඳපොළට සපයන ප්‍රමාණය වැඩි කරලා විශේෂයෙන් 55%ක් තිබුණු එක 80% වෙනකන් වැඩිකරලා ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන පාඩුව ටිකක් දුරට අඩු කරන්න අපි කටයුතු කරා.නමුත් තේරුම්ගන්න පුළුවන් පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලුව අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අර්බුද කාලය සමනය කර ගත්තයින් පස්සේ ඔවුන්ට සාධාරණ ලාභයක් ඇතිව වෙළෙඳ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙයි. එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. ඒ වගේම ඇතිවන ගැටලුව අවම කර ගැනීම සඳහා සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ ඔවුන් පමණයි මෙහෙයුම් කටයුතුවල යෙදෙන්නේ.අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ඇතිකරමින් මේවගේ අර්බුදකාරී ත්ත්වයකදී ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන ගැටලුව අවම කරන්න කටයුතු කරන්න"
ඉන්ධන ගැටලුවට විසදුම් ලෙස නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට රජයේ අවධානය
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.