එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ සහ වැදගත් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගමන් බාධා හෝ හදිසි වෛද්ය අවශ්යතා වැනි අනපේක්ෂිත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා, සංචාරක වියදම් සම්පූර්ණයෙන්ම දැරීමට තරම් ප්රමාණවත් මූල්ය ශක්තියක් ඇති බවට වග බලා ගන්නා ලෙස එහිදී අවධාරණය කර ඇත.
වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා මනා සූදානමකින් යුතුව සහභාගී වන ලෙසත්, එක්සත් ජනපදයට ඇතුළු වීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට කිසිදු ඉඩකඩක් නොමැති බවට සැබෑ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් වන ලෙසත් දන්වා තිබේ.
වීසා ලබා ගැනීමේ අරමුණින් කිසිදු අවස්ථාවක ව්යාජ ලේඛන ඉදිරිපත් නොකරන ලෙස දැඩිව අවවාද කර ඇත.
ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතල වංචාවක් වන අතර, එමඟින් වර්තමාන වීසා බලපත්රය අහිමි වීමට අමතරව අනාගතයේදී කවරදාකවත් අමෙරිකානු වීසා ලබා ගැනීමට ස්ථිරවම නුසුදුස්සෙකු වීමට ද එය හේතු විය හැකි බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
අමෙරිකානු වීසා අපේක්ෂකයින්ට තානාපති කාර්යාලයෙන් දැඩි අවවාදයක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.