දූෂණ විරෝධී සැලැස්මට පණ දෙන්න 13 දෙනෙකුගේ මැතිසබා කමිටුවක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්මෙන් පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් ක්රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ නායකත්වය දීමට කාරක සභා නියෝජ්ය සභාපතිවරයාගේ ප්රධානත්වයෙන් යුතු 13 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (20) දැනුම් දුන්නේය.
මෙම කමිටුව පත් කිරීමේ තීරණය ගනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
මේ අනුව මෙම මැතිසබා කමිටුවට හර්ෂණ නානායක්කාර,සුනිල් වටගල,කෞශල්යා ආරියරත්න,ජේ. සී. අලවතුගල,අනුරාධ ජයරත්න,ශාණක්යන් රාසමාණික්කම්.ඕෂනි උමංගා,ප්රගීත් මධුරංග,චන්දිමා හෙට්ටිආරච්චි,ධර්මප්රිය විජේසිංහ,දේවානන්ද සුරවීර, සහ එම්. නිසාම් කාරියප්පර් යන මහත්වරැ පත් කරනු ලැබ සිටිති.
කතානායකවරයා සභාවේ කටයුතු අාරම්භයේදී මෙම නිවේදනය කළේය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.