මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුව පවසයි.
එහි කැදවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මහතා සඳහන් කළේ, නොවැම්බර් 15වන දින වනවිට පුද්ගලයින් 2,414 දෙනෙකු රියඅනතුරුවලින් මියගොස් ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මහතා සදහන් කළේය.
"මෙම වර්ෂය තුළ 2026 නොවැම්බර් මාසයේ 15 වන දින දක්වා මරණ සංඛ්‍යාව 2,414 ක් පමණ වෙලා තියෙනවා. ඒක අතිවිශාල සංඛ්‍යාවක් ඒ කියන්නේ මාසෙකට 230ක් පමණ මිය යනවා. අපිට මේ වර්ෂයේ තව මාස එකහමාරක් පමණ තියෙනවා. එම මාස එකහමාරකට 350කට ආසන්න ප්‍රමාණයක් මිය යාමට නියමිතයි. අපි මෙය කොහොම හරි කරලා මෙම මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට සියලු දෙනාම අත්වැල් බැඳ ගන්න ඕනේ. එම මරණ දැන් පසුගිය ඊයේ දක්වා තිබිච්ච මරණවලින් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මෝටර් සයිකල්වලින් සිදුවන මරණ සංඛ්‍යාව එය 1,000 කට වැඩිය වැඩියි. ඒ වගේම පදිකයෙකුත් 800 ගණනක් මිය ගිහිල්ලා තියෙනවා. ඔය කොට්ඨාස දෙක තමයි 2,000 කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ."
වසරේ ගතවූ කාලයට රිය අනතුරු මරණ 2,400ක්-මසකට මරණ 230ක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.