දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි පහළවැව ප්‍රදේශයට 17 දින රාත්‍රියේ කඩා වැදුණු හත් දෙනකුගෙන් යුත් වන අලි රංචුවක් 18 දින අලුයම වන තුරු ගම්මානයේ සැරි සරමින් ජන ජීවිතය අඩාල කරමින් ගොවිතැන් විශාල වශයෙන් විනාශ කළ බව ජනතාව පවසති.
රාත්‍රී 11ට පමණ ගම්මානයට ඇතුළු වූ වන අලි රංචුවේන් සිව් දෙනෙකු ජනතාව පදිංචි නිවාස ආසන්නයේ ඇති අඹ ගස් සොලවා අඹ ගෙඩි ආහාරයට ගැනීමට පැමිණ තිබුණු බව නිවසක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබිණි.
වන අලින් හතර දෙනකුට නිවාස පිහිටි ප්‍රදේශවල බව භෝග භුක්ති විඳි ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
තවත් වන අලි තුන් දෙනෙකු ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල ශීත ගබඩාව පිටුපසු ඉඩම් වලට කඩා වැදී ඇතැයි ජනතාව පෙන්වා දෙති . වී වපුරා දින නමයත් දාහතරත් අතර වයස ඇති ගොයමි වගාව වන අලින්ගේ පාදවලට පෑගී විනාසවී ඇති අයුරු පෙන්වා දෙන ප්‍රදේශවාසීන් තවත් ගොවි මහතුන්ගේ කෙසෙල් පොල් බතල ආදී එළවළු සම්පූර්ණයෙන්ම විනාශ කොට දමා තිබේ.
දඹුල්ලට ගම් වදින අලි භවබෝග වනසති
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.