වායු ගුණත්වයේ පහළ යාම ගැන විශේෂ දැනුම්දීමක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
දිස්ක්‍රික්ක කිහිපයක පවතින වායු ගුණාත්මකභාවයේ පහළ යාම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර ඇත්තේ දිවයිනේ උතුරු ප්‍රදේශයේ යාපනය, කිළිනොච්චි, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්කවලත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශය වන අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ, මහනුවර හා හලාවත ආශ්රිත ප්‍රදේශවලත් වාතයේ අවලම්බිත ක්ෂ්ද්‍ර අංශු ඉහළ යෑමක් වාර්තා වී ඇති බවය.
මෙම තත්ත්වය සඳහා මෙරටට බැහැරින් එන සුළං ධාරාවන් හේතුව වී ඇති බවත් එම තත්ත්වය මෙරට වායු තත්ත්ව දර්ශකය අනුව සුළු වශයෙන් අහිතකර තත්ත්වයක්ද වන බවද මධ්‍යම පරිසර අධිකාරිය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
එබැවින් සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් ඇතිවීමේ හැකියාවක් පවතින බවත් පෙන්වා දෙන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි බවය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි අවස්ථාවල පිළිපැදිය යුතු බවට නිර්දේශ කරන ලද සෞඛ්‍ය උපදෙස් aq.cea.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවත් එම අධිකාරිය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව සංවේදී පුද්ගලයින් N95 වැනි මුඛ ආවරණ පැළඳීමට සහ සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කර ඇති බවත් පෙන්වා දෙන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර ඇත්තේ වායුගෝලයේ පවතින තත්ත්වය සම්බන්දව අඛණ්ඩව පසුවිපරම් කරමින් අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තර සිදුකරන බවත්ය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.