පසුගිය වර්ෂයේ සහ මෙම වසරේ තැපැල් සේවය ඉලක්කගත ආදායම් අභිබවා ගොස් ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා අරියරත්න මහත්මිය පවසයි. නමුත් තැපෑල සමස්තයක් ලෙස තවමත් ලාභ ලබන තත්ත්වයට ගෙනඒමට නොහැකි වූ බව ඇය පැවසීය. ඒ අනුව, තැපෑල ලාභ ලබන ආයතනයක් බවට පත්කළ යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා අරියරත්න මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ පසුගිය වසර දෙක තුළ තැපෑළ සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවයි. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කෞෂල්‍යා අරියරත්න නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය. "තැපැල් සේවය වහගෙන යන ලෝකයක් දැන් තියෙන්නේ. තැපැල් සේවය සමහර රටවල සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. නමුත් තැපැල් සේවය අපි ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන්න වැඩකටයුතු කරලා තියෙන්නේ. තැපැල් සේවය අපි ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් අපේ ඉලක්කගත ආදායම් අභිබවා ගියා. නමුත් තැපෑල සමස්තයක් ලෙස අපිට ලාභ ලබන තත්ත්වයට තාම ගේන්න ඉන්න බැරි වුණා. ඒකට විශාල හේතුවක් තමයි විශේෂයෙන් වැටුප් සහනෙකුත් දීමනාවලට ගෙවන ලොකු වැය බරක් තියෙනවා. එහෙමනම් අපිට තියෙනවා විකල්ප දෙකක් එකක් තමයි රාජ්‍ය සේවයට මේ අනවශ්‍ය බර අවශ්‍ය නැහැ කියලා හිතමින් ඒක අකුලලා දාන එක. හැබැයි අපි ඒ වෙනුවට රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න තීරණය ගත්තා. එහෙමනම් මොකක්ද මේකට මේ තැපෑල තවදුරටත් සේවාවක් ලෙස පවත්වාගෙන යන්න ඔබේ දායකත්වය. ඔබට අවශ්‍යයි ටාගට් එකකට වැඩ කරන්න. මේක මෙහෙම පවත්වාගෙන යන්න බැහැ දීර්ඝ කාලීනව. එහෙමනම් ලාභ ලබන්න පුළුවන් අංශ හඳුනගෙන ඒවට වැඩිපුර ආයෝජනය කරමින් තැපෑල පවත්වාගෙන යන්න අවශ්‍යයයි ..."