නුවරඑළියේ මාර්ගවල අවදානම් සහිත ස්ථානවලට ආරක්ෂිත වැටක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන මාර්ගවල අවදානම් සහිත වංගුවල සහ අධික බෑවුම් සහිත ස්ථානවල ආරක්ෂිත යකඩ වැටක් ඉදිකිරිමේ කටයුතු නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල මගින් ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර ප්‍රමිතියට සහ තාක්ෂණයට අනුකූලව මෙම ආරක්ෂිත වැට හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට තලවකැලේ දක්වාත්, තලවකැලේ - පුඩළුඔය මාර්ගයේත්, ගිනිගත්හේන දියගල හරහා ශ්‍රී පාද මාර්ගයේත් ඉදිකිරීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පා.ම. මංජුල සුරවිආරච්චි මහතා සඳහන් කළේ මෙම වසර අවසානවීමට ප්‍රථම කි.මී. 10.5ක් දුරට යකඩ වැට ඉදිකර අවසන් කරන බවය.
එම මාර්ගවල පසුගිය කාලය තුළ සිදුවූ අධික රිය අනතුරු හේතුවෙන් මෙම ආරක්ෂිත වැට ඉදි කිරිමට කටයුතු කල බවත්, සහ 2026-2027 ශ්‍රීපාද වන්දනාවාරයට පෙර ඉදිකිරීම් කඩිනම් කර ඇති බවද පැවසීය.
එමෙන්ම රාත්‍රී කාලයේ එම මාර්ගවල වාහන ධාවනය කිරිමේදි රියදුරාට එම ආරක්ෂිත වැට පැහැදිලිව දිස්වන ආකාරයට ආලෝකයක් විහිදුවන ආකාරයේ සංඥාවක්ද එම ආරක්ෂිත වැට තුලින් නිකුත් කරන බවත හෙතෙම සඳහන් කළේය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.