විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ බිම්ස්ටෙක් (බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම) කලාපීය සහයෝගීතාවය වෙනුවෙන්, බිම්ස්ටෙක් තාක්ෂණ පැවරුම් පහසුකමක් (BIMSTEC Technology Transfer Facility) ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා (11) කොළඹදී සිදුකළ බව විද්‍යා හා තාත්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
බිම්ස්ටෙක් කලාපීය විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සහයෝගීතාව පිළිබද විශේෂඥ කණ්ඩායමේ සිව්වන රැස්වීමට සමගාමීව අදාළ ගිවිසුම අත්සන් තැබිණි. එහි සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා රජය සහ බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය අතර අදාළ ගිවිසුම අත්සන් තැබීම සිදු වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාත්ෂණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතාත් බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය වෙනුවෙන් එහි මහ ලේකම් ඉන්ද්‍රා මනි පාන්ඩේ මහතාත් ගිවිසුමට අත්සන් තැබීය.
මෙම තාක්ෂණ පැවරුම් පහසුකමෙහි ප්‍රධාන අරමුණ වන්නේ BIMSTEC සාමාජික රටවල් අතර තාක්ෂණ හුවමාරුව සම්බන්ධීකරණය සහ ශක්තිමත් කිරීමයි. විශේෂයෙන්ම කලාපයේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ඉලක්ක කර ගනිමින් තාක්ෂණය ලබා දීම, ධාරිතා වර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය ආදී කටයුතු මෙහි ප්‍රමුඛ කාර්යයන් වේ.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ, ලේකම් අරුණි රණරාජ මහත්මිය, BIMSTEC මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ (NASTEC) නිලධාරීන් ඇතුළුව, BIMSTEC සාමාජික අනෙකුත් රටවල් වන බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් එම තානාපති කාර්යාලවල නිලධාරීන් ද සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුමට අත්සන් තබයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
නිරෝෂානි ජයවර්ධන
ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂක
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරිනියක් වන අතර මූල්‍ය සහ වෙළෙඳපොළ පුවත් පිළිබඳ විශේෂඥවරියකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.