තායිලන්තයේ පවතින ශ්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලාංකිකයින් දසදහසකට රැකියා අවස්ථා ලබාදීමට තායිලන්ත රජය තීරණය කර තිබේ.
තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍රවල අදාළ රැකියා ලබාදීමට නියමිත බව වාර්තා වේ.
එම රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමට අදාළ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විශේෂ ගිවිසුම් දෙකක් ඊයේ (14) අත්සන් තබා තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ තායිලන්ත සංචාරය අතරතුර මෙම ගිවිසුම් අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මෙරට ශ්‍රී ලාංකිකයින් 10,000කට තායිලන්තයෙන් රැකියා
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
මධුෂානි අබේසිංහ
විශේෂාංග හා සංස්කෘතික වාර්තාකරු
සංචාරක, කලා සහ පාරිසරික විශේෂාංග ලිපි සම්පාදනයෙහි නියුතු සම්මානනීය ලේඛිකාවකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.