ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කමේ සටනට - ආසියානු ක්‍රීඩා උළෙල - ජපානය
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද (20) සමත් විය.
ඒ විස්සයි20 ආකෘතියෙන් පැවති මෙම තරග අංශයේ පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්ය.
නිශ්ෂින්හි කොරෝගි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 177ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ පන්දුවාර 17.5කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 181ක් රැස්කර තරගයේ ජය තහවුරු කරගත්තේය.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරිය වූ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 83ක් රැස්කිරීමට සමත් විය. පන්දු 50කට මුහුණදෙමින් ඇය ගොඩනැගූ මෙම ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 7ක් ඇතුළත් විය.
ඇයට අගනා සහායක් දුන් හසිනි පෙරේරා පන්දු 26කට පමණක් මුහුණදෙමින් ලකුණු 42ක් රැස්කළාය. ඇය ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 3කින් වර්ණවත් කළාය.
ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 56කදී ලකුණු 95ක සබඳතාවක්ද ගොඩනැගීමට සමත්වූහ.
මෙම තරග අංශයේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර අද පැවැත්වෙන අතර, එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාව සමගින් කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.