සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර සපුරා ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.
ඒ අනුව, සැප්තැම්බර් මාසය සඳහා රේගුවට ලබාදී තිබූ රුපියල් මිලියන 195,596ක ආදායම් ඉලක්කය ඊයේ (22) වනවිට සපුරා ගනිමින් රුපියල් මිලියන 199,348ක ආදායමක් රැස්කරගෙන ඇත.
මේ වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට නියම කර ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206.995කි.
ඊයේ වනවිට රේගුව විසින් රුපියල් බිලියන 2,058.033ක සමස්ත ආදායමක් වාර්තා කිරීමටද සමත්ව තිබේ.
මේ අතර, පසුගිය 2025 වසරේදීද ශ්‍රී ලංකා රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා යමින් රුපියල් බිලියන 2,557.535ක ඉහළ ආදායමක් වාර්තා කර තිබුණි.
රේගුව සැප්තැම්බර් ආදායම් ඉලක්කයත් ඉක්මවයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.