Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කෙල්ලන් යොදවා සිසුන්ට බියර් පොවන සමාගම් ගැන හෙළිදරව්වක්!

|Thu,03 March 2016 08.24 AM |Security| Page Views : 31

අලුත් පුවත්
කොළඹ වාහන තදබදය අවම කිරීමට නව මාර්ග දෙකක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත අදාළ ඇමැතිවරුන්ට
දෑත්, දෙපා, කට ගැටගැසූ භික්‍ෂුවක් මහමග දමා ගොස් තිබියදී හමුවේ..
සුනාමි නැතැයි තහවුරු කරයි
පොලීසිය ලේ පැල්ලමක් පිටුපස ලුහුබඳියි
A 8.3 magnitude earthquake has struck off the coast of western Indonesia
 
ජනප්‍රිය පාසල් අතර මේ දිනවල පවත්නා වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග අතරවාරයේ බීර පානය සඳහා තරුණ පාසල් සිසුන් යොමුකර ගැනීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා පවසයි.

පසුගිය 2015 වසරේ පැවැති වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග සඳහා බියර් නිපදවන සමාගම් සිය ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්‌ වැය කර ඇතැයි ද වෛද්‍යවරයා අවධාරණය කරයි.

වාර්ෂික මහා ක්‍රිකට්‌ තරග සම්බන්ධව තමන් කළ සමීක්‍ෂණයට අනුව සෑම වසරකම බියර් පානය සඳහා අලුතින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක්‌ යොමුකර ගැනීම බියර් සමාගම්වල ඉලක්‌කය වී ඇතැයි හෙළිවී ඇති බව විජයරත්න මහතා පවසයි.

ඒ සඳහා තරුණ පාසල් සිසුන් යොමුකර ගැනීමට බියර් අලෙවිය සඳහා නව යොවුන් වියේ පසුවන තරුණියන් යොදා ගෙන ඇති බවත් එම එක්‌ තරුණියකට ක්‍රිකට්‌ තරගය පැවැත්වෙන දින දෙක හෝ තුන සඳහා ඇයගේ සේවය වෙනුවෙන් රුපියල් විසිපන්දහසකට අධික මුදලක්‌ ගෙවා ඇති බවත් අනාවරණය වී ඇතැයි ද වෛද්‍ය අසංක විජයරත්න මහතා ප්‍රකාශ කළේය.

2015 වසරේදී කොළඹ ජනප්‍රිය පාසල් දෙකක්‌ අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට්‌ තරගයේ දින දෙක සඳහා එක්‌තරා බියර් සමාගමක්‌ අනුග්‍රාහකත්වය දෙමින් රුපියල් ලක්‍ෂ 17 ක්‌ ලබාදී ඇතැයි හෙළිවූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න