Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමෙරිකාවට, ඔස්ට්‍රේලියාවට පසුව චීනටයත් ඩෙල්ටා

|Fri, 30 July 2021|Miscellaneous| Page Views :

මාස 06 කට ආසන්න කාලයකින් අනතුරුව පළමු වරට චීනයේ බීජිං නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය රට තුළ පැතිරීම වැළැක්වීමට චීන බලධාරීන් මහත් පරිශ්‍රමයක් දරන පසුබිමක් තුළ අගනුවරින් එලෙස ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බවයි.

බීජිං නුවරින් එලෙස හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයාගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් දෙදෙනාම හුනාන් ප්‍රදේශයේ සංචාරය කර ඇතැයි සඳහන්ය.

මේ අතර ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 24 දෙනෙකුම ස්වදේශිකයින්ය. ඒ අනුව චීනයේ මේ දිනවල පැතිර යන කොරෝනා පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 179 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්ය.

මේ අතර චීනයේ නැන්ජින්ග් ප්‍රදේශයෙන් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇති බවට ද මේවනවිට වාර්තා පළ වේ. මිලියන 9 යි දශම 3 ක ජනගහනයක් වෙසෙන නැන්ජින්ග් ප්‍රදේශය තුළ ඩෙල්ටා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බලධාරීන් දැඩි උත්සහයක නිරත වී සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න