WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගංජා කිලෝග්‍රෑම් 195ක් මීයන් කා දමයි

2022-11-25 09:27:15- Page Views : 359

පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝග්‍රෑම් 195ක් මීයන් කා දැමීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් ගංජා තොගයක් අධිකරණයට ඉදිරිපත් කරන්නැ යි උත්තර් ප්‍රදේශ් අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ සිය අත්අඩංගුවේ තිබූ ගංජා තොගයෙන් කිලෝග්‍රෑම් 195ක් මෙලෙස මීයන් කා දමා ඇති බව යි.

කෙසේ වෙතත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගන්නා ගංජා වෙනත් මාර්ග ඔස්සේ ජාවාරම් කිරීම වසා ගැනීමේ උපක්‍රමයක් ලෙස පොලිසිය මීයන් කෑ බවට කරුණු ඉදිරිපත් කරන්නට ඇති බව යි.