මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුම්බායි කණ්ඩායමට සුපිරි ජයක්

2023 May 25- Page Views : 55

IPL තරගාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 81කින් ජයගැනීමට මුම්බායි කණ්ඩායම සමත්විය.

ඒ අනුව ලක්නව් කණ්ඩායමට මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

මෙම තරගය ජයගැනීමත් සමග මුම්බායි කණ්ඩායම එළඹෙන සිකුරාදා පැවැත්වෙන තුන්වන අවසන් පූර්ව තරගයේදී ගුජරාට් කන්ඩායමට එරෙහිව තරගවදිනු ඇති.

ඒ අනුව එළඹෙන ඉරිදා දිනයේ පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහා තරගයේදී චෙන්නායි කණ්ඩායමට එරෙහිව තරගවදින්නේ ඉන් ජයගන්නා කණ්ඩායමයි.

ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.