WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය අද

2023 September 09- Page Views : 35

2023 ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවැනි තරගය අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන තරගයට වර්ෂාව නිසා බාධා ඇති වීම පිළිබඳව ද විවිධ අනාවැකි පළ වූ ඇත.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළ පරිදි කඩින් කඩ වැසි ඇති වුණ ද කොළඹ දිස්ත්‍රික්කයට තද වැසි ඇති වීමේ අවදානමක් වාර්තා වී නැත.

මූලික වටයේ තරග දෙක ම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව යහපත් මානසිකත්වයකින් තරගයට පිවිසීමට නියමිත අතර, බංග්ලාදේශය මූලික වටයේ තරග දෙකෙන් එක් තරගයක් ජයග්‍රහණය කළේය.

මේ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින තරගය ද අද (09) පැවැත්වීමට නියමිතයි.

මෙරට වේලාවෙන් පස්වරු 03යි 30ට එම තරගය ආරම්භ වීමට නියමිත අතර, කණ්ඩායම් දෙක අතර එක්දින තරගාවලිය තරග 03කින් සමන්විත වේ.

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති 20යි 20 තරගාවලියෙන් ‍ඓතිහාසික ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.