WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උපාධිධාරිනිය අවසන් ගමන් යයි

2024 September 04- Page Views : 10

උණ , කැස්ස සහ සෙම්ප්‍රතික්ෂාව වැළඳී සිටි තරුණියක් ‍රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, උහුමිය, කොට්ටයාය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි බුලුවාන වත්තේ ගෙදර දිල්රුක්ෂි වික්‍රමනායක නමැති විසි නව හැවිරිදි තරුණියක්.

ඇය මීට මාස දහයකට පමණ ඉහත දී විවාහ වී තිබෙනවා.

ඇයට ඇතිවූ රෝගී තත්වය මත දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් වෙන් කර ගැනීමට නොහැකි වූ නිසා, ඇයව තෙල් ල්දෙණියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබුණා.

රාත්‍රී 10.30 ට පමණ ඇය එම රෝහලට මාරු කර යවා තිබුණත් ඇය රාත්‍රී 11.50 ට පමණ මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත් වූ තෙල්දෙණිය, උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක පී.කේ. අබේරත්න විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ ඇත්තේ මහනුවර ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.ජී.සී. එස්. චන්ද්‍රදාස පවත්වා ඇති අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට සිරුරේ කොටස් ගත් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී චන්ද්‍රදාස එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු මරණයට හේතු ප්‍රකාශයට පත් කරන බවයි වාර්තා වෙන්නේ.