WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්ත කණ්ඩායමට කඩුලු 9ක ජයක්

2025 January 05- Page Views : 31

කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍සංචාරක ශ්‍රී ලංකාරිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 2ක් අවසානයේ එක් කඩුලුක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.