WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

2025 January 08- Page Views : 33

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

දිවා - රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය මෙරට වේලාවෙන් අද පෙ.ව. 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

මේ හේතුවෙන් මේ දක්වා කාසියේ වාසිය හෝ උරගා බැලීමද ප්‍රමාද වී තිබේ.

දෙරට අතර පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගාවලිය මේ වනවිට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.