WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ට ජයක්

2025 January 21- Page Views : 76

19න් පහළ පන්දුවාර 20/20 බාලිකා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81කින් ජය ලබා තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 05ක් දැවී ලකුණු 166ක් රැස්කර ගැනීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.4කදී සියල්ලන් දැවී ලකුණු 85ක් රැස්කර ගත්තා.

මීට පෙර සත්කාරක මලයාසියාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගනු ලැබුවා.

ශ්‍රී ලංකා තරගයට අමතරව මලයාසියාව සහ ඉන්දියාව අතර තරගයද අද පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12ට ආරම්භ වීමට නියමිතයි.