ක්‍රිකට් ආයතනයෙන් පළමු පෙළ ක්‍රීඩකයින් 45දෙනෙකුට වාර්ෂික ගිවිසුම්
2025 April 07- Page Views : 223
2025 දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කුසලතා ශක්තිමත් කිරීමේ අඛණ්ඩ වැඩසටහනේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්ම කෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කරන ලද තේරීම් මත පදනම්ව, ගිවිසුම්ගත ක්‍රීඩකයින් A, B, C සහ D යන කාණ්ඩ හතරකට වර්ගීකරණය කර ඇත.