ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ
2025 April 15- Page Views : 222
සවුදි අරාබියේ දමාම් හී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ තරග මෙරට වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා.
ලබන 19 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින බවයි සඳහන් වන්නේ .
මේ අතර මීටර 100 පිරිමි කාන්තා මූලික වටයේ තරග සහ මීටර 400 පිරිම් මූලික වටයේ තරගවලට ශ්‍රි ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් අද තරග වැදීමට නියමිතයි.
එමෙන්ම මීටර 1,500 කාන්තා තරගය සහ තුන් පිම්ම පිරිමි අවසන් තරගය ද අද පැවැත්වෙන අතර මෙම තරගවලට ද ශ්‍රි ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගී වෙනවා .