ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද
2025 July 13- Page Views : 11 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වෙයි.
තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ පැවති පළමු තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.
ඒ අනුව මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුවහොත් ශ්‍රී ලංකා පිලට 20-20 තරගාවලියේ ජයද හිමිවනු ඇත.
අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මේ දක්වා 20-20 තරග 8කට ක්‍රීඩා කර තරග 5ක් ජයගත් අතර තරග 3ක් පරාජයට පත්වුණි.
බංග්ලාදේශ කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මෙලෙස ජාත්‍යන්තර 20-20 තරගයකට එක්වන්නේ පළමු වරටයි.
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ මේ දක්වා පවත්වා ඇති 20-20 තරග 8න් තරග 5ක් පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගෙන ඇති අතර තරග 3ක් දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජය ගෙන තිබේ.
අද පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා නිවේදනය කළ අතර ඒ අනුව අද දිනයේදී පල්ලේකැලේ මෙන් දඹුල්ල ක්‍රීඩාංගණයත් ක්‍රීඩාලෝලීන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරීයාමට නියමිතය.