WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවත් වනඅලියෙක් දුම්රියට බිලි

2025 July 18- Page Views : 29

අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ගල්ලෑල්ල සුදු නෙළුම්කම ප්‍රදේශයේදී අද (18) අලුයම පහයි තිහට පමණ මේ වන අලියා දුම්රිය ගැටුණු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ

දුම්රියේ ගැටුණු වන අලියා පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයට පිවිසෙන මාර්ගය අසලම වැටී සිටින ආකාරය දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම අලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහර දෙන අතර අද දිනයේ වන අලිය ගම්වදින විට වනජීවී කාර්‍යාලයට ඇමතුමක් ලබා දුන්නද දුරකථන විසන්ධි කර තිබෙන බවයි ගම්වාසීන් පවසන්නේ.