WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාතික ක්‍රීඩා උළෙල ආරම්භවෙයි; පළාත් 9කින් ක්‍රීඩකයින් තරග බිමට

2025 July 23- Page Views : 229

49 වන ජාතික ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා.

එය එළඹෙන 20 වනදා දක්වා ගාල්ල, මාතර සහ කොළඹ නගර කේන්ද්‍ර කරගනිමින් ස්ථාන හයකදී පැවැත්වෙනවා.

ක්‍රීඩා ඉසව් 33 ක් වෙනුවෙන් පළාත් නවයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමට නියමිතයි.

මල්ලවපොර, ටයිකොන්ඩෝ, වූෂු සහ බර ඉසිලීම ඇතුළු ක්‍රීඩා ඉසව් කිහිපයක් අනිද්දා සිට 27 දක්වා කොළඹදී පැවැත්වෙනවා.

පිහිනුම්, ජූඩෝ, රග්බි සෙවන්ස්, ජිම්නාස්ටික්, ක්‍රිකට්, හොකී සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩා ඉසව් ලබන මස පළමු වනදා සිට 3 දක්වා කොළඹදී පැවැත් වීමට කටයුතු සූදනම් කර තිබෙනවා.

චෙස්, හෑන්ඩ්බෝල්, එල්ලේ, කැරම්, කරාටේ සහ වෙරළ කබඩි යන ඉසව් පැවැත්වෙන්නේ ලබන මස 13 වනදා සිට 17 වනදා දක්වායි. 15 වනදා සිට 31 වනදා දක්වා පැසිපන්දු, බොක්සිං, පාපන්දු, වෙරළ වොලිබෝල් සහ කබඩි යන ඉසව් ගාල්ලේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.