ජර්මානු ඔලිම්පික් ශූරිය පාකිස්තානයේ දී මරුට
2025 July 31- Page Views : 40 ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතරව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව සිටියේය.
අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර, එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී තිබේ.
කෙසේ වෙ තත් එදින පැවති අයහපත් කාලගුණය හා දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් පසුදින උදෑසන තෙක්ම ගලවාගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි විය.
ඒ හේතුවෙන් එදිනට මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර, ඊයේ (30) උදෑසන නැවතවරක් මෙහෙයුම් ආරම්භ කළේය.
එහිදී ඩොල්මයර්ව හමුව ඇති අතර, ගලවාගැනීමේ කණ්ඩායම් විශ්වාස කරන්නේ අනතුර සිදු වූ සඳුදා දිනයේම ඇය මියයන්නට ඇති බවය.
මෙම ගලවාගැනීමේ මෙහෙයුමට ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශේෂඥ කඳු නගින්නන් ද එක්ව තිබේ.
biathlon ක්‍රීඩාවේ අතිවිශිෂ්ට ක්‍රීඩිකාවක වන 31 හැවිරිදි ලෝරා ඩොල්මයර්, ඔලිම්පික් උළෙල 2කට, ලෝක ශූරතාවලි 5කට හා ලෝක කුසලාන 7කට ජර්මනිය නියෝජනය කරමින් සහභාගි වී ඇත.