WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු T20 ගැටුම අදයි

2025 September 03- Page Views : 35

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට අද (03) දින සිම්බාබ්වේ හීදී පළමු විස්සයි 20 තරඟයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

දෙපිල අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ දිවා තරගයක් (පස්වරු 1.30) ලෙස පැවැත්වෙන පළමු තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු(5.00) ට හරාරේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

විස්සයි 20 තරඟ ඉතිහාසයේ මෙම දෙපිල තරගාවලියකින් එක්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පළමුවරට දෙපිල විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කළා.

ඵහිදී තරඟ තුනකින් සමන්විත තරගාවලියේ (2-1)ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. මෙරට වේලාවෙන් අද පස්වරු 5.00ට මෙම තරගය ආරම්භවීමට නියමිතව තිබෙනවා.