ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ගැටුම අද
2025 September 18- Page Views : 67 ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ‘ඊ‘ කාණ්ඩයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවැත්වීමට නියමිතයි.
ඒ අබුඩාබිහිදීයි.
මෙය ‘ඊ‘ කාණ්ඩයෙන් සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය කිරීමට පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයක් වනවා.
ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඔවුන් දැනටමත් සුපිරි හතරදෙනාගේ වටය පෙනෙන මානයටම පැමිණයි සිටිනවා.
ඒ අනුව අද තරගය ද ජයගතහොත් අපරාජිත කණ්ඩායමක් ලෙසින්ම සුපිරි වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකිවනවා.
එමෙන්ම, ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක් නොලැබීම ද ඔවුන්ට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව හිමිවනු ඇති.
කෙසේ වෙතත්, ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් තරගාවලියෙන් අනිවාර්යෙන් ඉවත්වන අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබනවා.
මේ අතර, ඉන්දු - පාකිස්ථාන විරසකයත් සමග ආසියානු කුසලානයේ පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ තරගය පැයකින් ප්‍රමාද කිරීමට සිදු වුණා.
පසුගියදා ඉන්දු - පාකිස්ථාන තරගයේදී, ඉන්දීය ක්‍රීඩකයින් විසින් පාකිස්ථාන ක්‍රීඩකයින් වෙත අතට අතදීමෙන් වැළකී සිටි අතර එහිදී කාසියේ වාසිය උරගා බැලීමේදී නායකයින්ට අතට අත දීමෙන් වැළකී සිටින ලෙස ෂක්‍ක් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පවසා සිටි බවට පාකිස්ථානය චෝදනා එල්ල කළා.
ඒ අනුව ආසියානු කුසලානයේ තරග තීරක ධූරයෙන් ඇන්ඩි පයික්‍රොෆ්ට් ඉවත් කරන ලෙස පාකිස්ථානය ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටි අතර අදාළ ඉල්ලීම ෂක්‍ක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
එවන් වටපිටාවක් තුළ පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ද ඊයේ ඩුබායි හිදී තරග වැදීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම තරගයට සහභාගිවීම සඳහා පාකිස්ථාන කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණියේ නැහැ.
ඒ අතරවාරයේදී පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය අතර තීරණාත්මක සාකච්ඡාවක් ක්‍රියාත්මක වූ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව තරගයට සහභාගිවීම සඳහා පාකිස්ථාන කණ්ඩායම ඩුබායි ක්‍රීඩාංගණය වෙත පැමිණියා.
පැයක ප්‍රමාදයකින් අනතුරුව ඇරඹි තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම කීඩාකළ අෆ්ගනිස්ථානයට පන්දුවාර 17 යි පන්දු 4 ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණූ 105 ක් පමණයි.
ඒ අනුව මෙම තරගය පාකිස්ථානය ලකුණු 41 කින් ජයගනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම තරගයේදීත් තරග තීරකවරයා ලෙස ඇන්ඩි පයික්‍රොෆ්ට් කටයුතු කිරීමත් කැපී පෙනුණා.