WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - පාකිස්තාන තීරණාත්මක තරගය අද

2025 September 23- Page Views : 229

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23) පැවැත්වේ.

තරගය අඩුඩාබිහි දී ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 08ට පැවැත්වීමට නියමිතව තිබේ.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනු ඇති බව නායක චරිත් අසලංක සඳහන් කළේය.

"අපි තාම කතා කරමින් ඉන්නේ. තාම ෆයිනල් කරලා නෑ 11 දෙනාව. නමුත් වමත් ක්‍රීඩකයින් අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව ගොඩක් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දඟ පන්දු යවන්නෙක්ගේ වෙනසක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි තාම කතා කරමින් යනවා extra bowling allrounderකෙනෙක්ව. සමහර වෙලාවට පන්දු යවන්නන් හතරකින් යද්දි අපි ගාණක් ඩිෆෙන්ඩ් කරද්දි අපිට පොඩි අමාරුවක් තියෙනවා කියලා පේනවා. extra bowling allrounder කෙනෙක් සෙල්ලම් කරොත් මම පිතිකරණය කරන තැන සමහර විට උඩට එන්න පුළුවන්. එහෙම නැත්නම් මමත් දසුන් අයියත් ෆ්ලොටින් රෝල් එකක් තමා ක්‍රීඩා කරන්නේ. මොකද අපිට වමත් ක්‍රීඩකයින් හතර දෙනෙක් එක දිගට ඉන්නවා. ඒක අනිත් පිලට වාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා තමා දසුන්ව උඩින් තිබ්බේ. මම හිතනවා එයා ඒක හරියටම කර කියලා."