WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සූර්යවංශි යොවුන් ක්‍රිකට් වාර්තාවක් අලුත් කරයි

2025 October 02- Page Views : 61

වයස 19න් පහළ ටෙස්ට් තරග බිමේ පන්දු 100කට අඩුවෙන් ශතක 2ක් රැස්කළ ලොව පළමු පිතිකරුවා ලෙස සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ වයිබව් සූර්යවංශි ඊයේ (01) සමත් වුනා.

ඒ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පැවැත්වෙන ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදීයි.

මෙම තරගයේ පළමු ඉනිම්මේදී සූර්යවංශි පන්දු 86කින් ලකුණු 113ක් රැස්කළ අතර, එයට හයේ පහර 8ක් හා හතරේ පහර 9ක් ඇතුළත් වුණා.

ඔහුගේ මෙම පිතිහරඹ, විශේෂයෙන්ම ටෙස්ට් තරග බිමේදී දැක්වූ ආක්‍රමණශීලී බව හේතුවෙන්, ඔහු ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා.

අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතක අතරට මෙම ඉනිම් දෙකම එක්වීම මෙම වාර්තාවේ ඇති සුවිශේෂීමත්වයයි.

ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් මෙම දක්ෂ වමත් පිතිකරුවා විසින් තවත් බොහෝ වාර්තා අනාගතයේදී බිඳ දමනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ විශ්වාසය පළ කරන්නේ.