අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
2025 October 28- Page Views : 35
ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.
ක්‍රීඩිකා 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගත්තේය.
ඒ තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගනිමිනි.
දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත්වුණි.
මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග යි.