හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
2025 December 16- Page Views : 30
1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ලන්ඩනයේ දී ඒ මහතා ආභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසුවූ ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකු වන ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා තිබේ.