WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න
UPDATE PageCnt SET CntNo=41 WHERE CodeNo=53702
SQLSTATE[HY000] [1040] Too many connections

විස්සයි 20 ශූරතාව ඉන්දියාවට

2026 March 09- Page Views : 41

ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2026) ශූරතාව දිනාගැනීමට අද (8) රාත්‍රී සමත් විය. අහමදාබාද්හිදී අද (8) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 96 කින් නවසීලන්තය පරාජය කිරීමට සමත් වූහ. ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ශූරයන් වූ තෙවැනි අවස්ථාව මෙය වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම ඕවර 19 කදී ලකුණු 159 කට සීමාවිය. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 46 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 89 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. අභිෂේක් ශර්මා පන්දු 21 කින් ලකුණු 52 ක් සහ ඉෂන් ක්‍රිෂාන් පන්දු 25 කින් ලකුණු 54 ක් රැස්කරමින් ලකුණු 255 ක් දක්වා ඉන්දීය පිල රැගෙන ඒමට සමත් වූහ. ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 5 ට 255 (සංජු සැම්සන් 89, අභිෂේක් ශර්මා 52, ඉෂන් ක්‍රිෂාන් 54, හර්ද්‍රික් පාණ්ඩයා 18, ශිවම් ඩුබේ නොදැවී 26, ජේම්ස් නිෂාම් 46/3) නවසීලන්තය ඕවර 19 කදී සියලු දෙනා දැවී 159 (ටිම් සයිෆටර් 52, මිචෙල් සෑන්ට්නර් 43, අක්ෂර් පටෙල් 27/3, ජස්ප්‍රිට් බුම්රා 15/4)