රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු හයක ජයක්
2026 April 05- Page Views : 1907
ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 6කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 210ක් රැස්කළහ. ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 204ක් පමණය.