WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

2026 April 20- Page Views : 5

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට එක්දින ක්‍රිකට් තරග 3ක් සහ පන්දුවාර 20/20 ක්‍රිකට් තරග 3ක් ඇතුළත්.

තරගාවලියේදී චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ නිගාර් සුල්තානා.

කණ්ඩායම් දෙක අතර අවසන් වරට පැවති එක්දින ක්‍රිකට් තරග 5න් 3ක් ජයගෙන තිබෙන්නේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.

එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇති අතර, අනෙක් තරගය තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

බංග්ලාදේශයේ රාජ්ෂාහිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද (20) පෙරවරු 09.00ට ආරම්භ වී ඇත.