WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවත් දෙවැනි වටයට - මොරොක්කෝවට තියුණු ජයක්

2026 June 20- Page Views : 6

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම නිමාවට පත් වූ තරග ද්විත්වයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව සමත් විය. 

අමෙරිකාව ලැබු ජයත් සමග ඔවුන් පිළිමළුන් පිටුදැකීමේ (අවසන් 32) වටයේ තම ස්ථාන වෙන්කරවා ගත් අතර, මොරොක්කෝවද දෙවැනි වටයේ බලාපොරොත්තු ඉහළ දවා ගත්තේය.

අමෙරිකානු ක්‍රීඩාලෝලීන් කුල්මත් කළ 'සුපිරි' ජය

අමෙරිකාවේ සියැටල්හිදී පැවැති තරගයකින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට සත්කාරක අමෙරිකාව සමත් විය. 

මෙය අමෙරිකානු කණ්ඩායම මෙවර තරගාවලියේදී අඛණ්ඩව ලැබූ දෙවැනි ජයග්‍රහණය වේ.

තරගයේ වාර්තා වූ ගෝල දෙකම පළමු අර්ධය තුළදීම වාර්තා වීම විශේෂත්වයකි.

තරගයේ 11 වැනි මිනිත්තුවේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බර්ගස් අතින් සිදුවූ අත්වැරැද්දකින් ඇමෙරිකාවට පළමු ගෝලය (OG) හිමිවිය.

තරගයේ 43 වැනි මිනිත්තුවේදී ඇලෙක්ස් ෆ්‍රීමන් විසින් අමෙරිකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග අමෙරිකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානය දිනාගෙන ඇත. 

පරාජය ලැබූ ඔස්ට්‍රේලියාව 25 වැනි ස්ථානයේ පසුවේ.

විනාඩි දෙකෙන් ස්කොට්ලන්තය දණ ගැස්සූ මොරොක්කෝව

තරගාවලියේ 'C' කාණ්ඩය යටතේ පැවැති තවත් තියුණු තරගයකින් ස්කොට්ලන්තය ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට උතුරු අප්‍රිකානු ප්‍රබලයින් වන මොරොක්කෝව සමත් විය.

තරගය ආරම්භ වී 2 වැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ ඉස්මයිල් සයිබාරි මොරොක්කෝව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

දෙවැනි භාගයේදී ගෝල රැස් කිරීමට කණ්ඩායම් දෙකටම අවස්ථා ලැබුණද, ශක්තිමත් ආරක්ෂක උපක්‍රම හේතුවෙන් කිසිවෙකුට ගෝල රැස් කිරීමට නොහැකි විය.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන මොරොක්කෝව මෙම ජයත් සමඟ අවසන් 32 වටයට සුදුසුකම් ලැබූ අතර, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේ පසුවන ස්කොට්ලන්තයට දෙවැනි වටයට පිවිසීමේ බලාපොරොත්තු මේ වන විට ගිලිහී යමින් පවතී.