Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇම්බියුලන්ස් සේවයට ඉට්කා සම්බන්ධ නෑ

|Tue,01 March 2016 05.00 PM|Political| Page Views : 36

අලුත් පුවත්
විදුලිය සමග කුරුණෑගල සැත්කම්ද ඇන හිටී
ත්‍රිවිධ හමුදා සාග් ජයග්‍රාහකයින් මාධ්‍යයට හඳුන්වා දෙයි
කාන්තාවන් තුනකුයි එක පුද්ගලයෙකුයි කරපු වැඩේ මාට්ටු වෙයි
හතරවන මහලෙන් ඇද වැටී තරුණයා මරුට
Facebook භාවිතය ඉහළට
ගාමිණී තිලකසිරි අද දිවුරුම් දෙයි
පුංචි ඡන්දෙට එජාප අයදුම් මාර්තු 31 තෙක්
 
ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ආරම්භ කරනු ලැබූ ගිලන් රථ සේවය සඳහා ඉට්කා ගිවිසුමෙහි කිසිදු අදාළත්වයක් නොමැති බව විදේශ කටයුතු නි.අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

2015 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට පැමිණී අවස්ථාවේදී මෙරට ගිලන් රථ සේවයක් ආරම්භ කිරීම සඳහා රු.කෝටි 100 ක ප්‍රදානයක් කළ බවත්,මෙම ගිලන් රථ සේවාව ආරම්භ කරනු ලබන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අද(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

වසරක කාලයක අවබෝධතා ගිවිසුමක් මගින් ලෝකයේ විශාලතම ගිලන් රථ සේවා සමාගම සමග එක්වීමට හැකිවීම සතුටට කරුණක් බවත්,එහි ඇති වරද කුමක්ද යන්නත් ඔහු සඳහන් කළේය.

මෙම ගිලන් රථ සමාගම ඩොලර් මිලියන 250 ක වියදමින් එහි හිමිකරු විසින් ආරම්භ කර ඇති බවත්, ලංකාවේද ගිලන් රථ සේවය වර්ධනය කරලීමට ගිලන් රථ 10 බැගින් හෝ පරිත්‍යාග කරන ලෙස තමන් ධනපති ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බව හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.

හොඳ ගිලන් රථ සේවයක් පැවතියේනම් ඊයේ බණ්ඩාරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් සිව්දෙනෙකු මියයාම වැනි අවාසනාවන්ත සිදුවීම් සිදුනොවන බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කරලීමේදී තාක්ෂණික සහය ලබාගැනීමට ඉන්දියානුවන් 4 දෙනෙකුට වීසා ඉල්ලා ඇති බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවයට 600 දෙනෙකු බඳවාගත යුතුව ඇති බවත්, ඒ සියලුදෙනාම බඳවාගනු ලබන්නේ ලාංකිකයින්ගෙන් බවත් පෙන්වා දුන්නේය.

මේ වැඩපිළිවෙළ සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් වැය නොවන බව කියා සිටි හර්ෂ ද සිල්වා මහතා මෝඩි විසින් පරිත්‍යාග කළ ඩොලර් මිලියන 100 පමණක් වැය කරන බවත්,වසරක කාලයකින් පසු එහි සාර්ථක අසාර්ථක තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉදිරියට කරගෙන යන්නේද යන්න තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න