Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලට නිසි වටිනාකමක් නැහැ

|Wed,02 March 2016 08.10 AM|Political| Page Views : 35

අලුත් පුවත්
බරපතළ වංචා සෙවීමේ කොමිසමේ ලේකම්ව ඉවත් කෙරේ !
අධ්‍යාපන ඇමති දේශපාලන පත්වීම් 2000ක් දීලලු!
ජැකලින් අතින් ද බොඩි ෂොප් විවෘත වේ
ඇම්බියුලන්ස් සේවයට ඉට්කා සම්බන්ධ නෑ
විදුලිය සමග කුරුණෑගල සැත්කම්ද ඇන හිටී
ත්‍රිවිධ හමුදා සාග් ජයග්‍රාහකයින් මාධ්‍යයට හඳුන්වා දෙයි
 
ගැබිණි මව්වරුන්ට රජය විසින් ලබාදෙන පෝෂණ ආහාර දීමනාව හෙවත් පෝෂණ මල්ලේ නියමිත වටිනාකමට සරිලන භාණ්ඩ එහි නොමැති බවට චෝදනාවක් එල්ල වේ.

මෙම පෝෂණ මල්ලේ වටිනාකම රුපියල්2,000 ක්වන නමුත් ඇතැම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යවලින් ලබාදෙන පෝෂණ මලූවල එම වටිනාකමට බඩු නොතිබෙන බව වාර්තා වේ.

කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගෙන් මේ පිළිබඳ ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනය විමසීමට කිහිප වතාවක්ම උත්සාහ කළ ද ඇයව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

එම පෝෂණ මලුවල අන්තර් ගත වනුයේ රතු කැකුළු කිලෝග්‍රෑම් 03ක්, පරිප්පු කිලෝ ග්‍රෑම් 02ක්, මුං ඇට කිලෝග්‍රෑම් 01ක්, සැමන් ටින් එකක්, උඳු කරක්කන් පැකට් එකක්, රටකජු ග්‍රෑම් 500ක්, හාල්මැස්සන් ග්‍රෑම් 350ක්, සෝයා ග්‍රෑම් 500ක් සහ බිත්තර 10කි.

නමුත් මේවා නියමිත බරින් යුක්ත නොවන බවත් නියමිත වූ ප්‍රමිතිවලින් යුක්ත නොවන බවටත් බොහෝවිට චෝදනා එල්ල වේ. පසුගිය කාලයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරන ලද්දේ ගැබිණි මව්වරුන්ට ලබා දෙන මෙම පෝෂණ මල්ල නිසි පරිදි ඔවුන්ට ලැබෙන්නේ දැයි අධීක්ෂණය සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවයි.

එහි ලේකම් චන්ද්‍රාණි සේනාරත්න මහත්මිය සඳහන් කළේ, එම කණ්ඩායම සෑම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම සම්බන්ධ කර ගනිමින් ඒ පිළිබඳව සොයා බලන ඇති බව ය.

කෙසේ නමුත් එවැන්නක් ක්‍රියාත්මක වන ආකාරයක් පිළිබඳව තවමත් දැකිය නොහැකිය.

ඇතැම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම පෝෂණ මලු දීම සඳහා පත් කර ඇත්තේ උපාධීධාරී පත්වීම් යටතේ බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ව යි. ඔවුන් මෙම පෝෂණ මලු ලබා ගැනීමට පැමිණෙන ගැබිණි මව්වරුන් කිසිදු පිළිගැනීමකට හෝ ලක් නොකර මෙම පෝෂණ මලු ලබා දීම සිදු කරන බවට ද චෝදනා එල්ල වේ.

සෑම ගැබිණි මවකටම 08 වන මාසයේ සිට දරුවාට මාස 06 ක් යන තෙක් මසකට රුපියල් 2000 ක වටිනාකමින් යුත් මෙම පෝෂණ දීමනාව ලබා දීම සිදු කෙරේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න