WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි

2026 March 16- Page Views : 15

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සිදු කළ වැටලීමකදී 

තායිලන්තයේ බැංකොක් සිට පැමිණි අදාළ සැකකරුවන් තිදෙනා සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 632ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සඳහන් වේ.

එමෙන්ම ඔවුන් සතුව තිබී සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව ගෙන්වූ ඖෂධ තොගයක් ද සොයා ගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ 8 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.