WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හෙරොයින් සහ අයිස් සමග පුද්ගලයෙක් කොටදෙණියාවේදී අත්අඩංගුවට

2026 March 16- Page Views : 14

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කොටදෙණියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොටදෙනියාව හපුවලාන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 225ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 165ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි හපුවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොටදෙණියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර අහුංගල්ල ගමකරන වත්ත ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 261යි මිලිග්‍රෑම් 620ක් සමග 22 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.